ළහිරු වෙමින් පිබිදෙන අරුණේ
තිමිර මුදාලමිනේ
රාජකීය විදුහල් මවුනේ
චිරං ජයතු නිබඳේ...//
සිප්සත නව විදුණැන එළියේ
පැනසර කිතු කළඹේ...//
පහස දෙවා සනසයි මවුනේ
ඔබගේ පා සෙවණේ...//
ළහිරු වෙමින් පිබිදෙන අරුණේ...//
විපුල දිවිය ලැබ හද සෘජු වී
සාධු ගුණෙන් සැරසී...//
මිනිසුන් වන මග කිව මැනවී
පහන් ටැඹක් ලෙසිනී...//
ළහිරු වෙමින් පිබිදෙන අරුණේ...//
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ





